Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දඹුල්ල හා අවට කොරොනා ව්‍යාප්තිය ඉහලට යෑමත් සමග දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ දෛනික කොරෝනා මරණ ඉහල යෑමන් රෝහලේ ගැටලු රැසක් ඇතිවී ඇති අතර එයට පිලියමක් ලෙසින් දඹුල්ල මහ නගර සභාවෙන් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලට තාවකාලික මෘත ශරිරාගාරයක් ඉදිකිරිමට කටයුතු සුදානම් කර ඇත.

දඹුල්ල නගරාධිපතිවරයා මේ පිළිබඳව බලධාරින් සමග සාකච්ජාවක් ද පවත්වා ඇත. ඒ අනුව කොරෝනා ආසාදිතව මිය යන රෝගීන්ගේ මල සිරුරු හා සෙසු මල සිරුරු වෙන් වෙන්ව තැබිමට මෙසේ හදිසියේ මෘත ශරිරාගාරයක් ඉදිකරන බව පවසයි.

දඹුල්ල පොලිස් බල ප්‍රදේශය පසුගිය අප්‍රේල් 30 වෙනිදා සිට මේ දක්වාම හුදකලා ප්‍රදේශ බවට පත්කර අතර දඹුල්ල ආර්ථිකය පසුගිය 26 වෙනිදා සිට වසා දැමු අතර පසුව දැඩි කොන්දේසි මත මේ මස 5 වෙනිදා නැවත විවෘත කරන ලදි.

දඹුල්ල නගර සීමාවෙන් දෛනිකව විශාල රෝගින් පිරිසක් හමු වන අතර ඔවුන්ව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වකුගඩු ඒකකය, භික්ෂු වාට්ටුව හා දැඩි සත්කාර ඒකකවල පවත්වාගෙන යන කොරෝනා ප්‍රථිකාර වාට්ටු සඳහා යොමු කරනු ලබයි.

දෛනිකව හමුවන රෝගින් ප්‍රමාණය ඉහල යන අතර මේවන විට දඹුල්ල මහනගර සභා බල ප්‍රදේශයේ පදිංචි කරුවන් 404ක් හා දඹුල්ල ප්‍රාදේශීය බල ප්‍රදේශයෙන් රෝගින් 200ක් සොයාගෙන ඇත.

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලින් අනුරාධපුර දිසාවේ කැකිරාව, ගල්කිරියාගම, මඩාටුගම, පොලොන්නරුව දිසාවේ බකමුණ, හබරණ ප්‍රදේශ වල ජනතාවත් මාතලේ දිසාවේ ගලේවෙල පල්ලේපොල, නාවුල, ලග්ගල, ප්‍රදේශවල ජනතාව ප්‍රතිකාර සදහා පැමිනෙති.

රෝහල් ධාරිතාව වැඩි කිරීමට පසුගිය වසර කිපය පුරාම විවිධ උත්සහයන් ගත්ත ද එය ඉටු නොවී ඇති අතර ජර්මන් ආධාර යටතේ අංග සම්පුර්ණ රෝහලක් සැදිමට දඹුල්ල රජමහා විහාරයෙන් ඉඩමක් ලබා දුන්නද මෙතෙක් එය ද ඉටු වි නැත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *