Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක අත්බෝම්බයක් ඇටවූ පුද්ගලයාගේ සහෝදරිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් බව විමර්ශන වලින් හෙළිවී ඇත.

ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මෙම බෝම්බේ තබා ඇති අතර ඔහු මීට දින දොළහකට පමණ පෙර කොළඹට පැමිණ මෙම රෝහලේ ඉදිකිරීම් සේවකයෙකු ලෙස සේවයට එක්ව තිබෙනවා. සැකකරුගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම් වලින් මේ වන විට ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන කළේය.

අත්බෝම්බය කාල බෝම්බයක් ලෙස පුපුරවා හැරීමට කල ඇටවුමට මදුරු දඟරයක් සහ එය දැල්වීමට ගිනි පෙට්ටියක් මිලදී ගෙන ඇත්තේ නාරාහේන්පිට පිහිටි වෙළද සැලකින් බවද හෙළිවී ඇත.

මෙම බෝම්බය ඔහු විසින්ම අටවා පුපුරා නොගිය පසු රෝහල් ආරක්ෂක අංශයට ඔහු විසින්ම දැනුම් දී ඇතැයි ද පොලීස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

ඒ ගැන සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී ඔහු සදහන් කර ඇත්තේ බෝම්බය පුපුරවා හැරීමට තමාගේ අදහසක් නොතිබුණු බවය.

බෝම්බය අටවා ඒ ගැන තොරතුර ලබාදී ප්‍රසිද්ධියක් සහ ගෞරවයක් ලබා ගැනීමත් විශාල ත්‍යාග මුදලක් හිමිකර ගැනීමත් සිය අරමුණ වූ බවද ඔහු පවසා ඇත.

බෝම්බය තමාට හමුවූයේ රෝහලේ ඉදිකිරීම් බිමක සේවකයින් රැදී සිටින කාමරයකින් බවද ඔහු පවසා තිබේ.

එසේ සේවක කාමරයක බෝම්බය තිබුණි නම් ඒ බව රෝහල් ආරක්ෂක අංශවලට දැනුම් දී ඔහුගේ අරමුණ ඉටුකර ගැනීමට හැකියාවක් තිබුණු බවත් වැසිිකිලියේ බෝම්බය ඇටවීමෙන් පෙනී යන්නේ වෙනත් අරමුණකින් ඔහු කටයුතු කර තිබීම යැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

සිංහල භාෂාව පවා හරිහැටි තවමත් කථා කිරීමට නොහැකි මෙම පුද්ගලයා සති දෙකකට පෙර ඇදිරිනීතිය පැවතියදී ත්‍රිකුණාමලයේ සිට පැමිණ ඇති බවත් ඒ එන අතරතුර බෝම්බය රැගෙන ආවේදැයි සැකයක් මතුවන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *