Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම ලබන ජුනි මස 1 වනදා සිට ඉවත් කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ඒ අනුව ලබන ජුනි 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි දැනුම් දෙනතෙක් මෙරටට පැමිණීමට මගීන්ට අවසර දී තිබේ. ඒ කොන්දේසි කිහිපයකට යටත්ව ය.

  1. පැමිණෙන සෑම ගුවන් යානයකටම ගමන් කළ හැක්කේ උපරිම මගීන් 75 ක් පමණි.
  2. පසුගිය දින 14 තුළ ඉන්දියාවට (සංක්‍රමණ ඇතුළුව) සංචාරක ඉතිහාසයක් ඇති ඕනෑම මගියෙකුට පැමිණීමට අවසර නොලැබේ.
  3. මෙරටට පැමිණෙන කොවිඩ් එන්නතක් ලබාගත් හා ලබා නොගත් සියලු ම ගුවන් මගීන් දින 14ක කාලයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිරෝධායනය විය යුතුය.

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට සහ ද්විත්ව පුරවැසියන්ට මෙරටට පැමිණීමට අනුමැතියක් අවශ්‍ය නොවන අතර විදේශිකයන්, නාවිකයින්, ව්‍යාපාරික සංචාරකයින්, ආයෝජකයින් යනාදී අයට මෙරටට ඇතුළුවීමේ වීසා බලපත්‍රය සමග විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වේ.

එමෙන් ම මිතුරන්, පවුලේ අය සහ පෞද්ගලික ව්‍යාපාරික කටයුතුවලට සහභාගී වන විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වන අතර සුදුසු වීසා බලපත්‍ර ලබා ගත යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙයි.

සංචාරකයින් (Tourists) ලෙස මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට කිසිදු අනුමැතියක් අවශ්‍ය නොවන අතර ඔවුන්ට අදාළ උපදෙස් https://www.srilanka.travel/helloagain/ යන වෙබ් අඩවිය වෙත පිවිස ලබා ගත හැකිය.

තව ද ගුවන් සේවයේ හෝ රටෙහි අවශ්‍යතා අනුව පිටත්වීමට පෙර සියලු ම සංචාරකයින් PCR පරීක්ෂණයක් සිදුකර තමන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කළ යුතුය. කෙසේ වෙතත්, මෙරටට පැමිණෙන දිනට දින 14ක කාලයක් තුළ ඉන්දියාවට සංචාරය කර හෝ ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා එම තහන ම දිගට ම පවතින බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *