Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් ආරම්භ කරන ලද COVID-19 රෝගීන් සඳහා කාඩ්බෝඩ් මිනී පෙට්ටි නිපදවීමේ ව්‍යාපෘතියේ ප්‍රථම විදෙස් ඇණවුම මෙරටට ලැබූ බව ගල්කිස්ස මහ නගර සභා මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු පවසයි.

කාඩ්බෝඩ් පෙට්ටි 1000 ක් සඳහා වියට්නාමය විසින් පළමු ඇණවුම ලබා දී ඇති බවත් ලබන සඳුදා වන විට එම ඇණවුම නැව්ගත කිරීම සිදු කරන බවත් ඔහු සදහන් කරයි.

කොවිඩ් -19 හේතුවෙන් මියගිය තම සමීපතමයන්ගේ දේහයන් මිහිදන් කිරීමට හෝ ආදාහනය කිරීමට රුපියල් 30,000 ත් 40,000 ත් අතර සාමාන්‍ය ලී පෙට්ටි ලබා ගැනීමට නොහැකි ජනතාවට සහන සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර එම නිසා ඔහු කාඩ්බෝඩ් පෙට්ටි නිෂ්පාදනය කිරීමට සහන වශයෙන් රු 5,000. තීරණය කළ බවත් එය ලබා ගැනීම සඳහා තමා (0777315605) සම්බන්ධ කර ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම මෙය පරිසර හිතකාමී නිෂ්පාදනයක් බැවින් වඩාත් වැදගත් ලෙස ගස් කැපීම අවම කරන බැවින් මෙම නිෂ්පාදනය භාවිතා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව ප්‍රවාහන හා මිනී පෙට්ටියේ පිරිවැය ඇතුළුව සම්පූර්ණ සේවා පැකේජයක් සඳහා රුපියල් 10,000 ක් වන බව සහබන්දු මහතා වැඩිදුරටත් පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *