Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගියදා නාරහේන්පිට ප්‍රදේශයේ පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක් තුල තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ජීව උණ්ඩ 18ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

ඉකුත් 14 වනදා අදාළ රෝහලේ වැසිකිලියක් තුළ තිබීයදී එම අත්බෝම්බය සොයාගෙන තිබුණි.

පසුව අනාවරණය වුයේ අත්බෝම්බය එහි තබා ඇත්තේ සිද්ධියට අදාළව එදිනම අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු බවය.

අත්බෝම්බය එහි තබා ඒ පිළිබඳ ඔත්තුව ද ඔහු විසින්ම ලබාදී තිබූ අතර රෝහලෙන් ත්‍යාග මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

අත්බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බවද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

මේ අතර අදාළ අත් බෝම්බය සැකකරු විසින් රැගෙන එනු ලැබ ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයකුට අයත් නිල නිවාසයක ලාච්චුවක තිබී බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් සමාගමක සේවකයා විසින් කරනු ලැබූ ප්‍රකාශයකට අනුව මෙම කරුණු හෙළිවූ බව සඳහන් වනවා.

ඒ අනුව මෙම සැකකරු මීට මාස තුනකට පමණ පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එම ප්‍රභූ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ගොස් සිටිය දී එහි කාමරයක තිබූ මේසයක ලාංච්චුවක තිබී මෙම ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව එහි දැක්වෙනවා.

ජීව අත්බෝම්බය මෙම සැකකරු ලබාගෙන ඇති අතර අනෙක් පතුරොම් ඔහු සමග සිටි අනෙක් සගයා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *