Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් වෛරසය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම හමුවේ ලබන 29 වනදා සිට මැයි 17 දක්වා රට සම්පූර්ණයෙන් වසා දැමීමට තුර්කි බලධාරීන් තීරණය කර තිබෙනවා.

තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝගන් නිවේදනය කර ඇත්තේ, රට වසා දැමීමෙන් පසු ජනතාවට නිවෙස්වලම රැඳී සිටින ලෙසයි.

පසුගිය පැය 24 තුළ තුර්කියෙන් නව කොරෝනා ආසාදිතයින් 37,312 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 353 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තුර්කි සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නගර අතර ගමන් කිරිම සඳහා අනුමැතිය ලබා ගත යුතු බවත්, සියලුම පාසල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කරන බවත් රට වසා දැමීමේ නිවේදනය සිදු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසා ඇත.

මීට අමතරව පොදු ප්‍රවාහනයේ නිරත වන පිරිස්වලට ද දැඩි සීමාවක් පැනවෙනු ඇති අතර අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යාවශ කටයුතු සඳහා හැර සාමාන්‍ය වැසියන්ට නිවසින් බැහැර යාමට අවසර හිමි නොවනු ඇති.

මීට අමතරව හදිසි සේවාවල නිතර පිරිස්, ආහාර සහ නිෂ්පාදන අංශවල සේවයේ නිරත වන්නන් වැනි සීමාසහිත පිරිසකට පමණක් සිය සේවා කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් බැහැරව යා හැකි වනවා.

මීට සති දෙකකට පෙර තුර්කිය සතියේ දිනවල රාත්‍රී 7 සි‌ට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය පැනවූ අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම රට වසා දමමින් වෛරස ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර ගනු ලැබුව ද වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම හමුවේ රටම වසා දැමීමට තුර්කි බලධාරීන් තීරණය කර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *