Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බාලවයස්කරුවන්ට සිදුවන ලිංගික අපචාර සම්බන්ධ තොරතුරු ජංගම දුරකථනවල ඇත්නම්, ඒ ගැන හඳුනාගැනීමේ නව ක්‍රමවේදයක් ඇපල් සමාගම හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව අමෙරිකාවේ ඇපල් අයි ෆෝන් (Apple iPhone) භාවිතා කරන්නන් සඳහා එය මුලින්ම හඳුන්වාදීමට එම සමාගම කටයුතු කරමින් සිටිනවා.

අයි ෆෝනයක iCloud Photos හි අදාළ ඡායාරූපය ගබඩා කිරීමට ප්‍රථම, නව ක්‍රමවේදය මගින් එම ඡායාරූපය “ළමා ලිංගික අපයෝජනය” හා සම්බන්ධ දැයි සොයාබැලීමට නියමිතයි.

එවැනි අවස්ථාවක අදාළ ඡායාරූපය ගැන සැකයක් ඇතිවුවහොත් එම ජායාරූපය පිළිබඳව සමාලෝචනය කර එය “ළමා ලිංගික අපයෝජනය” හා සම්බන්ධ නම් එම ජංගම දුරකථනය හිමි පුද්ගලයා ගැන නීති අංශ දැනුවත් කිරීමට ඇපල් සමාගම කටයුතු කිරීමට නියමිතයි.

මේ වසරේදී නිකුත් කිරීමට නියමිත “iOS and iPadOS” අයි ෆෝන් සහ අයිපෑඩ් සඳහා නව මෙවලම අන්තර්ගත වන බවද එම සමාගම වැඩිදුරටත් පැවසයි.

කෙසේ නමුත්, නමුත් පුද්ගලයින්ගේ ජංගම දුරකථනවල ගබඩා කර ඇති වෙනත් රහස්‍ය තොරතුරුද එමගින් ලබාගත හැකි වනු ඇති බවට සමහරු සැකපළ කරනවා.

ඒකාධිපති ආණ්ඩු තම රටවැසියන් ගැන ඔත්තු සෙවීමට එම නව මෙවලම භාවිත කිරීමට ඉඩ ඇති බවයි විශේෂඥයින් පවසන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *