Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව පුරා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක වෙබ් අඩවි අක්‍රියවී ඇති බවට වාර්තා වනවා.

Guardian, Financial Times, Independent සහ New York Times ඇතුළු වෙබ් අඩවි මෙලෙස අක්‍රිය තත්ත්වයට පත්ව තිබෙනවා.

එමෙන්ම බ්‍රිතාන්‍යය රජයේ gov.uk වෙබ් අඩවිය ද අක්‍රියවී තිබෙනවා.මෙලෙස අක්‍රිය වී තිබෙන වෙබ් අඩවිවල “Error 503 service Unavailable” යන නිවේදනය දැක්වෙනවා.

ඊට අමතරව විවිධ කටයුතු සඳහා භාවිතවන ලොව ප්‍රධානතම වෙබ් අඩවිවන Reddit, Twitch, Amazon, Ebay, Vimeo, PayPal, Etsy, Spotify ඇතුළු වෙබ් අඩවි රැසක් අකර්මන්‍ය වී ඇති බව සඳහන්.

මෙයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.කෙසේ වෙතත් මෙය සයිබර් ප්‍රහාරයක් නම් එය ලොව සිදුවූ දැවැන්තම සයිබර් ප්‍රහාරයක්වනු ඇති බවටයි විශේෂඥයින් පවසන්නේ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *