ලොව ප්‍රථම වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කිරීමේ පුවතක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.
ජානමය වෙනස්කම්වලට ලක්කළ ඌරෙකුගේ හදවතක් මෙලෙස බද්ධ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ, 57 හැවිරිදි බෝල්ටිමෝර් ප්‍රදේශයේ ඩේවිඩ් බෙනට් නම් පුද්ගලයෙකුට වන අතර ශල්‍යකර්මයෙන් දින 3 කට පසුව ද ඔහු නිරෝගී සුවයෙන් පසුවන බව සඳහන් විධෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙලෙස ඌරෙකුගේ හදවතක් මොහුට බද්ධ කර ඇත්තේ එලෙස හදවත් බද්ධ කිරීමක් සිදු නොකළහොත් මොහු මියයාමට ඉඩ තිබීම හේතුවෙන් නමුත්, දීර්ඝ කාලීනව ඔහුගේ පැවැත්ම සම්බන්ධයෙන් දැන් තීරණය කළ නොහැකි බවයි වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
ඒ නිසාම ඌරු හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ඇමෙරිකානු වෛද්‍ය නියාමනයේ විශේෂ අනුමැතියක් ද හිමිව තිබෙනවා.
මෙය ලොව පුරා හදවත් ඇතුලු අවයව බද්ධ කිරීමට අපේක්ෂාවෙන් පසුවන පුද්ගලයන්ට සුවදායි පුවතක් ලෙසයි සැලකෙන්නේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් මෙලෙස බද්ධ කිරීමට හදවතක් නොමැතිවීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියයන අතර පොරොත්තු ලේඛනයේ සිටින සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි.