Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව ප්‍රමුඛ පෙලේ මත්පැන් ලෙස හැඟෙන ලෙස මෙරටදී ව්‍යාජ මත්පැන් නිපදවා අලෙවි කරන ජාවාරමක් හෙළිව තිබෙනවා.

ඒ, අම්බලන්තොට මයුරපුර සිංහ ගම්මානයෙදීයී. මෙහිදී අත්තඩංගුවට ගත් මත්පැන්වල වටිනාකම රුපියල් මිලියන දෙකකට ආසන්න බවයි අම්බලන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

මෙම පුද්ගලයා දේශීය මත්පැන් මිලට ගෙන රටබීම වල රසට සහ පැහැයට සමාන වන සේ විවිධ රසායනික ද්‍රව්‍ය යොදා මෙම නිෂ්පාදන සිදු කර ඇති බවයි එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ.

මෙලෙස ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරනු ලබන රට බීම ලොව ප්‍රමුඛ විස්කි, බ්‍රැන්ඩි, සන්නාම සටහන් කල බෝතල් වල අසුරා කොළඹට යවන බවටද තොරතුරු හෙළිවී තිබෙනවා.

මෙම වැටලීමේදී මෙලෙස ව්‍යාජ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විවිධ රසායනික ද්‍රව්‍ය සහ උපකරණ තොගයක්ද පොලිස් බාරයට ගැනුණා.

වැටලීම සිදු කිරීමට පෙර මෙහි නිෂ්පාදනය කළ ව්‍යාජ මත්පැන් තොගයක් කොළඹට පටවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් අම්බලන්තොට පොලිස් ස්ථානධිපතිවරයා පැවසුවා.

මෙම නිෂ්පාදන කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හල්වල බෝතලයක් රුපියල් 5,000 සහ 6,000 අතර මිලකට අලෙවි කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවයි අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්
ව්‍යාජ මත්පැන්

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *