Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’ (Clarivate™) මගින් සෑම වසරකම ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර (2021) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව තිබෙනවා.

ශ්‍රී ලාංකිකයකු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published.