Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඕමාන තරග සංචාරයේ තරග කාලසටහන  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (9) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම ඔක්තෝබර් 3 වනදා ඕමානය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව හා ඕමානය අතර ඔක්තෝබර් 7 හා 9 යන දිනවලදී 20යි 20 තරග දෙකක් පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් වශයෙන් එම තරග සංචාරය සංවිධාන කර ඇති අතර එම සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය(ICC) සංවිධාන කරන පුහුණු තරග දෙකකටද සහභාගී වීමට නියමිතයි.

එම තරග ඔක්තෝබර් 12 හා 14 යන දිනවල පැවැත්වෙයි.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ශ්‍රී ලංකාවද ක්‍රීඩා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව ඔක්තෝබර් 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව ඔක්තෝබර්  22 වැනිදා ද පැවැත්වෙනු ඇති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *