Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය අද ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි පැවැත්වුණා.

නැමීබියාව හමුවේ ලකුණු 55 ක අමිහිරි හා අනපේක්ෂිත පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(16) සිදු වුණා.

මෙම තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 164 ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව සමත් වූ නමුත්, ශ්‍රී ලංකාවට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

දසුන් ශානක ලකුණු 29ක්, භානුක රාජපක්ෂ ලකුණු 20 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 12 ක් රැස් කළා.

මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 11යි. පන්දු යැවීමේ දී ඩේවිඩ් විසා, බර්නාඩ් ශෝල්ට්ස්, බෙන් ශිකොන්ගෝ හා ජැන් ෆ්‍රයිලින්ක් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 163 ක් ලබා ගත්තේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 93 දී බිද වැටුණා.

කෙසේ වෙතත්, අනතුරුව ජැන් ෆ්‍රයිලින්ක් හා ජේ ජේ ස්මිට් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණේ 7 වැනි කඩුල්ලට පන්දු 33 කින් ලකුණු 69 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

ෆ්‍රයිලින්ක් පන්දු 28කින් ලකුණු 44 ක් හා ස්මිට් නොදැවී පන්දු 16කින් ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 ක් දවා ගත් අතර, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න හා වනිදු හසරංග කඩුල්ල බැගින් බිද හෙලුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *