Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ තරග කොන්දේසි ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ (28) නිවේදනය කළා.

ඒ අනුව ජූනි 18 වනදා සිට 22 දක්වා එංගලන්තයේ සවුත්හැම්ටන්හී දී ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත අවසන් තරගය සදහා අතිරේක දිනයක් ලෙස ජූනි 23 වනදා නම් කර තිබෙනවා.

පළමු වන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජය පැරදුමෙන් තොරව හෝ ලකුණු සම වීමකින් අවසන් වුවහොත් තරගාවලියේ සම ශූරයන් ලෙස ඉන්දියාව සහ නවසිලන්තය කිරුළු පළදිනු ඇත.

මෙම අවසන් මහා තරගය සඳහා අමතර දිනයක් නම් කර තිබුණ ද එය ක්‍රියාත්මක වන්නේ තරගයේ නියමිත දින 5 තුළ යම් කාලය අහිමි වීමක් සිදු වුවහොත් පමණි.

මේ අතර  යම් අවස්ථාවක පිටියේ විනිසුරුවන් කෙටි ලකුණක් සංඥා කළහොත්  තෙවන විනිසුරු එය සමාලෝචනය කර ඊලග පන්දුව යැවීමට පෙර අදාල තීරණයේ නිරවද්‍යභාවය පිටියේ විනිසුරුවන් වෙත දැනුම් දිය යුතුය.

කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමේ තීරණයක් නැවත විමසීමට පෙර පන්දු රැකීමේ කණ්ඩායමේ නායකයාට හෝ දැවී ගිය බවට සංඥා කෙරුණු පිතිකරුවා ට පිටියේ විනිසුරුවන් සමග අදාල පිතිකරුවා පන්දුවට පහරදීමට  සැබෑ උත්සාහයක් ගත්තේ දැයි විමසිය හැකිය.

මෙම අවසන් මහා තරගය සඳහා පළමු ශ්‍රේණියේ ඩියුක්ස් පන්දුවක් භාවිතා කෙරෙන බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය  ප්‍රකාශ කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *