පෑලියගොඩ වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියක ගැටීමෙන් ඉංජිනේරුවරයා එම ස්ථානය දින මිය ගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි.
අද (01) දහවල් 12.30ට පමණ එම අවාසනාවන්ත අනතුර සිදුවී ඇත. අනතුරත් සමග මෝටර් රථය ගිනිගෙන ඇති අතර කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රිය වනවාසළ දුම්රිය හරස් මාර්ගයේ පසු කිරීමේ දී දිප්පිටිගොඩ සිට වත්තල දෙසට දුම්රිය මාර්ගය හරහා මෝටර් රථය ධාවනය කිරීමේ දී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ වත්තල හුණුපිටිය කණ්ඩාගේ මාවතේ පදිංචිව සිටි ප්රියන්ත ප්රනාන්දු 55 යන අයයි අනතුරක් සමඟ මෝටර් රථය ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි.
අනතුර වෙන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සියලුම සංඥා ක්රියාත්මක තත්වයේ තිබී ඇතැයි පොලිසිය කියයි.