Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය  ජයග්‍රහණය කිරීමට අද(23) බංග්ලාදේශය සමත් වුණා. ඒ ලකුණු 33කින්  ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින්.

තරගය පැවැත්වුනේ බංග්ලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේදී.
තරඟයේ කාසිය වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම් නායක ඉක්බාල් ඛාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 257ලබා ගැනීමට සමත්වූ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 84ක් ලබා ගනිමින් බංග්ලා⁣දේශ ඉනිම වඩාත් ශක්තිමත් කළා.
මහ්මුදුල්ලාහ් ලකුණු 54ක් සහ ටමිම් ඉක්බාල් ලකුණු 52ක්ද  රැස් කළා. පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 258ක ඉලක්කයක් හඹායාම  සඳහා  පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ  මුල්පෙල හෝ මැදපෙල කිසිදු පිතිකරුවෙකුගෙන් ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සදහා සැලකිය යුතු දායකත්වයක් කණ්ඩායමට හිමිවූයේ නැහැ.
එහිදී නායක කුසල් ජනිත් ලකුණු 30කටත්, ධනුෂ්ක ගුණතිලක ලකුණු 21කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 24කටත් දැවී ගියා.
පැතුම් නිස්සංක ලකුණු 8කටත්, ධනංජය ද සිල්වා ලකුණු 9කටත්, අශේන් බණ්ඩාර ලකුණු 3කටත් දැවී ගිය අතර, දසුන් ශානක රැස් කළේ ලකුණු 14ක් පමණයි.


මුල් පෙළ සහ මැදපෙල සියලු ක්‍රීඩකයින්ගේ වගකීම තම කර මතට ගනිමින් පිටියට පිවිසි වනිදු හසරංග ලකුණු  74ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයේ බලාපොරොත්තුව නැවත ගෙන එද්දී අවාසනාවන්ත ලෙස දැවී ගියේ උඩපන්දුවක් හමුවේයි.

Image Source – getty images


ඔහු තම දෙවන අර්ධ ශතකය මෙලෙස වාර්තා කල අතර ඔහුගේ  ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ඇතුලත්.
ඉසුරු උදාන පන්දු 23කදී ලකුණු 21ක් රැස් කල අතර ලක්ෂාන් සඳකැන් ලකුණු 8 කුත්  දුෂ්මන්ත චමීර ලකුණු
5කුත් රැස් කලා.

ඒ අනුව සියළු ක්‍රීඩකයන් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකිවූයේ ලකුණු 224ක් පමණයි.ඒ අනුව ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලියේ ප්‍රථම තරගයේ ජය තමන්  සතුකරගැනීමට බංග්ලාදේශය සමත් වුණා.


පන්දු යැවීමේදී අනර්ඝ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ මෙහිදි හසාන් මිරාස්
ලකුණු 30ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් සිය පන්දුවාර 10 යවා නිමා කළේ  කඩුලු 4ක් දවා ගනිමින්.
මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුලු 3ක් සහ මොහොමඩ් සයිෆුදීන් කඩුලු 2ක් දවා ගත්තා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *