Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැති විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග හිතාමතාම දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වු බවට සිදුකරන චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අදාළ ක්‍රීඩකයින් දෙදෙනා නිමාවූ දකුණු අප්‍රිකානු තරඟාවලියේදී හිතා මතාම දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල බව විවිධ වෙබ් අඩවි සහ සමාජ ජාලා මාධ්‍ය සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ කිසිම ක්‍රීඩකයෙක් හිතාමතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බවට කිසිම සාධයක් නැතැයි ද එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි.

තවද එවැනි අඩු දක්ෂතා සහිතව හිතා මතා ක්‍රීඩා කළ ක්‍රිඩකයින් සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක් ක්‍රිකට් ආයතනයට ලැබී නොමැති බවද වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.

සදාචාරාත්මක පුවත්පත් කලාව අනුගමනය කරන ලෙසට, අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කළ අදාළ ප්‍රවෘත්ති ආයතනවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටින බවත්, මෙවැනි අසත්‍ය මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සූදානමට ද බලපෑම් එල්ල කරනු ඇති බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

එවැනි අසත්‍ය මාධ්‍ය වාර්තා ක්‍රීඩකයින්ට මානසිකව ද බලපෑම් කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *