Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

UPDATE 9.50 AM –  රිය අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා සැත්කමකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ජාතික රෝහල පවසයි.




අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ කැබ් රථයට වන අලියෙකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබේ.

ඊයේ රාත්‍රී සිදු වූ අනතුරෙන් ජැක්සන් ඇන්තනී මහතා සමග තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූහ.

ඔවුන් දෙදෙනා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේයි.

ජාතික රෝහලට මාරු කර එවූ ජැක්සන් ඇන්තනී මහතා මේ වනවිට හදිසි අනතුරු අංශයේ ප්‍රතිජීවන ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇත.

Leave a Reply

Your email address will not be published.