Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවේ වන වැස්ම 30% දක්වා වර්ධනය කිරීම සඳහා පළමු වතාවට හෙක්ටෙයාර් 500ක රබර් වගා කිරීමට පරිසර අමාත්‍යංශය සූදානම් වෙයි.

ජනාධිපතිතුමන්ගේ සංකල්පය පරිදි සැකසෙන මෙම වැඩපිළිවෙළ පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා‍ගේ උපදේශකත්වයෙන් මෙම වසරේදී ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා මෙම අදහස් පළ කළේ පරිසර අමාතයංශයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැකවූ ජාසිංහ මහතා,

වසර 2022 තුළ අපි නව නැම්මකින් වැඩ කටයුතු සිදු කළ යුතු වනවා. විශේෂයෙන්ම පරිසරය සංරක්ෂණය මෙන්ම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනයටත් විශේෂ අවධානයක් යොමු කිරීමට අපි කටයුතු කළ යුතුයි.
ඒ සම්බන්ධව  ජනාධිපතිතුමා, මුදල් ඇමැතිතුමා හා පරිසර ඇමැතිතුමාත් විටින් විට කරුණු සඳහන් කළා.
විශේෂයෙන්ම මෙම වසරේ අපිට රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන ලබා දී තිබෙනවා.
එමනිසා ඉතාමත් කාර්යක්ෂමව කටයුතු කිරීමට අපිට සිදුවෙනවා. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට පරිසර අමාත්‍යංශය විසින් මෙම වසරේ දී හෙක්ටෙයාර් 500ක රබර් වගා කිරීමට සැළසුම් කර තිබෙනවා.
එම වගාව සිදු කරන්නේ අරමුණු දෙකක් පෙරදැරිවයි.  පළමු අරමුණ අපේ රටේ වනවැස්ම වැඩි කිරීම. දෙවන අරමුණ මහජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීමයි.
රබර් වගා කිරීම අපේ අමාත්‍යංශයේ කාර්යභාරයක් නොවුණත් අපි මේ සම්බන්ධව වනජීවි සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය  සමග ඵලදායි සාකච්ඡාවක් සිදු කළා.
ඒ අනුව එම අමාත්‍යංශයත් සමග එක් වී අපි මෙම රබර් වගා කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරනවා.එම වැඩ පිළිවෙළ පරිසරය සංරක්ෂණයට මෙන්ම ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයටත් ඉවහල් වෙනවා.
ලෝකයේ  බොහෝ රටවල් ස්වාභාවික වන වැස්ම යටතට  ඒ රටවල්වල රබර් වගාවත් ඇතුළත් කර තිබෙනවා.
නමුත් තවමත් අපේ රටේ රබර් වගාව ස්වාභාවික වනවැස්මට ඇතුළත් කර නැහැ.
ඒ නිසා අපේ රටේ රබර් වගාවත් ස්වාභාවික වනවැස්මට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස මම වනසංරක්ෂණ රාජ්‍ය  අමාත්‍යං ශයේ ලේකම් තුමාගෙන් ඉල්ලා සිටිනවා.
මේ වනවිට අපේ රටේ ස්වාභාවික වනවැස්ම සියයට 29.2ක් පමණ වනවා.
2025 දී සියයට 30 දක්වා වනවැස්ම පුළුල් කිරීම අපේ ඉළක්කයයි.
අපේ රටේ රබර් වගාවත් වනවැස්මට ඇතුළත් කළහොත් එම ප්‍රමාණය තවත් වැඩිවෙනවා. ලෝකයේ අනිකුත් රටවල් රබර් වගාවන් වනවැස්මට ඇතුළත් කර තිබෙනවා.
ඒ වගේම අපේ සංචාරක ආකර්ශණය සහිත ස්ථාන 05ක් හඳුනාගෙන ඒවා සංවර්ධනයට අපි පියවර ගන්නවා.
නවසීලන්තයේ එක් ගුහාවක ඉන්නවා කළාමැඳිරියෝ වගේ සතුන් වර්ගයක්. එම ගුහාව ආලෝකවත් කරන්නේ එම සතුන් නිකුත් කරන ආලෝකයෙන්.
නමුත් එම ස්ථානය විශාල සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙන තැනක්. අපිටත් එවැනි තැන් රැසක් තිබෙනවා.
ඒ අනුව එවැනි ස්ථාන 05ක් හඳුනාගෙන සංවර්ධනය කර සංචාරක ආකර්ශණය සහිත ස්ථාන බවට පත් කළ හැකියි.
එවැනි ස්ථානවල දෙස් විදෙස් සංචාරකයින් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද අප පියවර ගන්නවා.

යැයිද  සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.