Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටූවිමට අදාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 148 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුනු ඡන්ද සංඛ්‍යාව 59 ක්. වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව අදාල සංශෝධන ඊට එක් කරන බවයි.

එම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ වරාය නගරයේ රැකියාවන්වලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමට අවශ්‍ය රෙගුලාසිද එම පනතට ඇතුලත් කරන බවයි.

වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නීතිගත කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පනත් කෙටුම්පතේ විධිවිධාන 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එහි ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින් ජනතා අනුමැතියක්ද ලබාගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණ මතය වී තිබුණේ.

එම ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පෙරේදා (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෙසේවෙතත්, එම නිවේදනයේ දැක්වුණේ අදාල වගන්ති සංශෝධනය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් අදාල පනත සම්මතකරගත හැකි බවයි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇති කරුණුවලට අනුකූලව අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමටයි. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු සාමාජිකයින් ජන්දය භාවිතා කල ආකාරය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *