වවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිළධාරීන් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බැව් වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පැවසූවේ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රාජකාරි කළ පොලිස් නිළධාරීන් තිදෙනෙකුට හා වවුනියාව මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිළධාරියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට කලින් අනාවරණය වු බවයි.
ඔවුනගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පි.සි.ආර් වාර්තා අනුව තවත් පොලිස් නිළධාරීන් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ(30) තහවුරු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළේ.
වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16 දෙනෙකුට වෛරසය වැළදි ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ රාජකාරි කළ පොලිස් නිළධාරීන් පි.සි.ආර්.පරීක්ෂාවකට යොමු කර ඇත.
පොලිස් සංකීර්ණයෙන් හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන පොලිස් නිළධාරීන් ස්වයං නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළා.
වවුනියාව මූලස්ථාන පොලිසියෙන් වෛරසය ආසාදිත බවට හදුනාගත් පොලිස් කොස්තාපල්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ රාජකාරි වෙනුවෙන් යොදවා සිටි අයෙකු බවටද තහවුරුවි ඇති බවද සෞඛ්‍ය අංශ පැවසුවේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන්,ත්‍රස්ත විමර්ශන ඒකකයේ කටයුතු කළ පොලිස් නිළධාරීන්, පොලිස් සංකීර්ණයේ පොලිස් නිළධාරීන් හා වවුනියාව මූලස්ථාන පොලිසියේ නිළධාරියා ප්‍රතිකාර වෙනුවෙන් යොමුකොට ඇති අතර, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවයි.