Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වෛරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවති.

කොස්ටා 2 Khosta-2 යන නමින් නම් කර ඇති මෙම වෛරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන බව සොයා ගෙන තිබේ.

වෛරසය සදහා කිසිදු ප්‍රතිකර්මයක් නොමැත. කොස්ටා 2 වෛරසය සොයාගෙන ඇත්තේ රුසියාවෙනි.

ඒ, 2000 වසරේදීය. කෙසේ නමුත් එදා මෙම වෛරසය මනුෂ්‍යයන්ට තර්ජනයක් වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස නොකළේය.

ඇමෙරිකන් විද්‍යාඥයන් කොස්ටා 2 වෛරසය ගැන වැඩි අවදානයක් යොමු කළේ ‘කොවිඩ් 19’ වෛරසයේ ව්‍යාප්තියත් සමගය.

ඒ අනුව, පසුගිය මාස කීපයේ ඇමෙරිකන් විද්‍යාඥයන් මෙම නව වෛරසය සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදු කර ඇතැයි ද පැවැසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *