Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට කොවිඩ් සම්බන්ධයෙන් දත්ත එළිදක්වනු ලබන වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු ආයතනවල තොරතුරු මගින් ‘කොවිඩ් රෝගීන්ගේ සහ මරණවල’ සත්‍ය තත්ත්වය පැහැදිලි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දිම එපිටකඩුව මහතා පවසන්නේ රට තුළ පවතින තත්ත්වය පිළිබිඹු කෙරෙන තත්ත්වයට වඩා භයානක බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතු දත්ත භාවිතයෙන් වෛද්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ පළමු කොවිඩ් මරණ 500 වාර්තා වීමට දින 343ක් ගතවූ බවත් එතැන් සිට දින 72කට පසුව දෙවැනි මරණ 500 වාර්තා වූ බවත්ය.

නමුත් මෙරට තුළ තෙවැනි කොවිඩ් මරණ 500 වාර්තා වීමට ගතවී ඇත්තේ එතැන් සිට දින 13 කි.

ඊයේ (09) වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබු මුළු කොවිඩ් මරණ ගණන 1,843ක් ලෙස දැක්වේ.

ඉන් පැහැදිලියි ඉතිරි මරණ 500 වාර්තා වීමට ගතවන කාලය / දින ගණන මීට වඩා අඩුවෙයි. ඒක බරපතළ තත්ත්වයක්.

ඔහු තවදුරටත් පැවසුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සම්බන්ධයෙන් ද එළි දක්වන දත්ත වලද පරස්පරතා පවතින බවය.

ජුනි මාසේ 6 වනදා, සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව විදියට 36,333ක් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ කොවිඩ් රෝගීන් ලංකාවේ ඉන්නේ කියලා. හැබැයි ජූනි 7 වනදා පරීක්ෂා කර බැලුවොත්, සක්‍රීය රෝගීන් ඉන්නේ 31,145යි. වසංගත රෝග විද්‍යා අංශය ඇතුළු ආයතන එළිදක්වන දත්ත. රෝගීන් සංඛ්‍යාවේ 5,016ක් අඩුවෙලා තියෙනවා. හැබැයි සුවවූ රෝගීන් ලෙස තිබෙන්නේ 1,170යි. ඔබට පෙනෙනවා රෝගීන් 5,016කට වෙච්ච දෙයක් නෑ. මේ රෝගීන් සංඛ්‍යාව ඉන්නේ සමාජයේ. සමාජයේ මේ රෝගීන් හිටපු හින්දා සෞඛ්‍ය අංශවලට බෑ මේ රෝගීන් කියලා එකසැරේටම හඳුනාගන්න. නමුත් දවස් ගණනක් ගියාට පස්සේ මේ ප්‍රස්ථාර වල අවුල් සහගත තත්ත්වයක් ඇතිවෙන නිසා වරින් වර, දවස් හතරකින් නැත්නම් දවස් පහකින් මේ රෝගීන් ටික ප්‍රස්ථාරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය එනවා. දවස් 4කට 5කට සැරයක් අපේ සෞඛ්‍ය දත්ත වල 5,000ක 6,000ක විචලනයක් සිදුවෙනවා කවුරු විසින් හෝ පැහැදිලි කරගත නොහැකි. මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය මගින් වඩාත් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ දවස් 5කට 6කට සැරයක් ලෙඩ්ඩු 5000කට 6000කට මේ වෙන්නේ මොකක් ද කියලා.”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *