Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

චර්ම රෝගයකින් සිරුර වන වෙන්නට හැර  ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ වනවිට දින දෙක්ක තිස්සේ අඩි 7යි 04 යකඩ සිර මැදිරිය දමා අගුළු ලා වසා දමා ඇතැයි වාර්තා වේ.

අද (29)  ඔහු බැලීමට ගිය ඔහුගේ සොයුරු අනුර මුදලිගේ මාධ්‍යයට ප්‍රකාශ කළේ ඔහුව සතෙක් සේ එලෙස සිර කර සිටීමට හේතුව විමසූ විට ඊට නිශ්චිත හේතුවක් එම ස්ථානයේ සිටින නිලධාරීන් හෝ වසන්ත දැනුවත් නැති බවය.

ඔහු පවසන්නේ එම යකඩ කූඩුව කිසිම වාතාශ්‍රයක් හෝ අලෝකයක් නොවැටෙන, අවශ්‍ය මූලික පහසුකම් කිසිවක් රහිත දුර්ගන්ධය සහිත අඳුරු ස්ථානයක් බවය.

මෙවැනි පරිසරය සිර කර ඇති වසන්තට වැළඳුන මෙම රෝගයට මින් පෙර එක් අවස්ථාවක කොළඹ ජාතික රෝහලට ඉදිරිපත් කර ලබා දුන් ඖෂධය මිල දී ගැනීමට ප්‍රතිපාදන නොමැති බව ත්‍රස්ත විමර්ශන ඒකකය පැවසූ බවත් රුපියල් දස දහසකට වඩා වැඩි මිලක් සහිත එම ඖෂධය තමන් විසින් රැගෙන දුන් බවත් අනුර මුදලිගේ කීවේය.

වසන්තව සිර කර ඇති සතෙකුටවත් නොගැලපෙන අඳුරු තෙත සහිත පරිසරයේ දී මෙම රෝගය බෙහෙත්වලින් සුව නොවන බව ඔහු  පෙන්වා දෙන්නේය.

තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දීලා තියෙන්නෙ වසන්තව තංගල්ල නාවික හමුදා කඳවුරේ රඳවාගෙන සිටින බව. නමුත් මෙතෙක් සති තුනකට ආසන්න කාලයක් තිස්සෙ ඔහුවත් සිරිධම්ම හිමිවත් රඳවාගෙන ඉන්නෙ නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ.

ඊයේ දිනයේ දී තංගල්ල මහේස්ත්‍රාත්වරයාට කළ කරුණු පැහැදිලි කිරීමේ දී ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ගිය නිලධාරියා  දන්වා ඇත්තේ ඔවුන්ව කොළඹ සිට තංගල්ලට ගෙනියන්න අවශ්‍ය වියදම් නෑ කියලා.

ගල්වැව සිරිධම්ම හිමිට දවස් හතරක් බෙහෙත් අරන් නොදී රඳවාගෙන සිට ඇත්තෙ මේ වගේ කූඩුවක.

ඔහු පවසන්නේය.

දැනට දින හැත්තෑවකට වඩා රඳවාගෙන ප්‍රශ්න කරන වසන්ත මුදලිගේ ගේ සහ ගල්වැව සිරිධම්ම හිමිගේ ත්‍රස්වාදී ක්‍රියා මොනවාදැයි සොයා ගත්තා නම් ඒ වරද ප්‍රකාශ කරන ලෙසත් මේ අශිෂ්ට හැසිරීමට එරෙහිව සමාජයෙන් මේ රජයට නිශ්චිත පිළිතුරක් ලැබෙනු ඇති බවටත් අනුර මුදලිගේ විශ්වාසය පළ කළේය.

එම වීඩියෝව පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *