Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නවසීලන්තය සහ එංගලන්තය අතර   ලෝඩ්ස්හිදී පැවැත්වුණු පළමු තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත් එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ගේ  ජාත්‍යන්තර ක්‍රිකට් තරග අත්හිටුවා තිබෙනවා.

ඒ ඔහු විසින් 2012 සහ 2013 වසර වල  ජාතිවාදී සහ ලිංගිකත්වය පිලිබද අදහස් පළකරමින්  නිකුත් කරන ලද Twitter පණිවිඩ රැසක් අනාවරණය වීම හේතුවෙන්.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරග මාලාවේ පළමු තරගයේ පළමු දිනයේදී 27 හැවිරිදි ඔලී රොබින්සන් ලකුණු 50කට කඩුලු 2ක් දවාගනිමින් දස්කම් දැක්වූ නමුත් යෞවනයෙකු ලෙස ඔහු පල කරන ලද ට්විටර් පණිවිඩ යලිත් මතුවීම නිසා ඔහුගේ දස්කම් යටපත් විය.

“මීට වසර අටකට පෙර මා විසින් පලකරන ලද ජාතිවාදී හා ලිංගිකත්වය සම්බන්ධ ට්විටර් පණිවිඩ ගැන මගේ වෘත්තිය ජීවිතයේ වැදගත්ම දිනයේදී පවා මා ලැජ්ජාවට පත් වනවා.ඒවා අද ප්‍රසිද්ධ වෙලා තියනවා.” යැයි රොබින්සන් ඔහුගේ මංගල ටෙස්ට් තරගය අවසානයේදී පැවසීය.

“මා ජාතිවාදියෙකු නොවන බවත්,මා ලිංගික උන්මාදයකින් නොපෙලෙන බවත් පැහැදිලි කිරීමට අවශ්‍යයි.මගේ ක්‍රියාව ගැන මා අතිශයින් කණගාටු ⁣වෙනවා.එවැනි ප්‍රකාශ කිරීම ගැන මම ලැජ්ජා වෙනවා.”
යනුවෙන් රොබින්සන්  වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ නමුත් ඔහුගේ මෙම ප්‍රකාශ හේතුවෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන බව පසුගියදා ප්‍රකාශ කර තිබූ අතර එංගලන්ත සහ වේල්ස්  ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් මහතා දක්වා තිබුනේ මෙවන් අදහසක්.

” එම වචන කියවන ඕනෑම පුද්ගලයෙක්,විශේෂයෙන්ම කාන්තාවක් නැත්තම් වර්ණවත් හමක් සහිත පුද්ගලයෙක් ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන හිතන්නෙ මහත් අශෝභන ආකාරයටයි.මෙවැනි ආකාරයේ හැසිරීම් අපට ඉවසන්න බෑ.මේ ආකාරයේ හැසිරීම් නතරකල හැකි නීති තියනවා.”

ඒ අනුව ඔලී රොබින්සන්ට එරෙහි විනය පරීක්ෂණය හේතුවෙන් ඔහුව සියලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජූනි 10වන දින ආරම්භ වීමට නියමිත නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය සඳහාද ඔහු සම්බන්ධ වන්නේ නැහැ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *