ගාල්ලේ සිට කොළඹ දෙසට පැමිණෙන පෞද්ගලික බස් රථයක් බෙන්තොට දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව වහන අවස්ථාවේ අනාරක්ෂිත ලෙස බස් රථය ඇතුල්කර හිර වූ සිදුවීමක් පසුගිය 18 වැනිදා වාර්ථා විය.
ස්වයංක්රීය ක්රියාත්මක වූ දුම්රිය ගේට්ටු දෙකෙන් එක් ගේට්ටුවක් වැසෙන්නට පෙර බස් රථය ඇතුල් කර ඇති අතර අනෙක් ගේට්ටුව වැසීමෙන් බස් රථය මේ ආකාරයෙන් සිරවී සිදුවන්නට ගිය දුම්රිය අනතුරින් බේරී තිබේ.
මරදාන සිට බෙලියත්ත දක්වා ධාවනය වු සීඝ්රගාමි දුම්රිය බෙන්තොට ගාලුපාර හරහා ධාවනය වන ආකාරය සහ පෞද්ගලික බස් රථය වසා තිබුණ දුම්රිය ගේට්ටු සීමාවේ හිරවී නතර කර තිබෙන ආකාරයේ ජායාරූපය පහතින් දැක්වේ.