එළඹෙන උත්සව සමයත් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
ඒ රුපියල් 5,000/- සහ 1,000/- ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට ලද තොරතුරු මතයි.
මෙම සිද්ධීන් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටියේ.