Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගි කරගෙන ඩුබායි ඔස්සේ කැනඩාව වෙත පලායාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව – ආරම්පති ප්‍රදේශයේ පදිංචි මොහු 24 හැවිරිදි තරුණයෙකු වෙයි.

අද අලුයම 3.15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් වෙත පිවිසීම සඳහා මොහු ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණා.

පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සිදුකළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී අදාළ කැනේඩියානු වීසා බලපත්‍රය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *