Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රට පුරා විදුලි කප්පාදුවක් සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් අද ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ විදුලි බලාගාර වල තත්වය පරීක්ෂාවෙන් අනතුරුව මෙම තීන්දුව ගන්නා බවයි.

දිගු කාලයක සිට විදුලි බලාගාර ඉදි නොවීමෙන් දිගුකාලීන විදුලි අර්බුදයක් උද්ගතව ඇති බවද පැවසූ ඔහු එවැනි තත්වයක් ඇති වන බව තම කොමිසම ද අනතුරු ඇඟවූයේ 2016 වසරේ සිට බවද සඳහන් කළේය.

මෙම අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව අනවශ්‍ය වායු සමීකරණ යන්ත්‍ර විදුලි පංකා ආදී නිවා දමා හැකි තරම් විදුලිය ඉතුරු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

විදුලිය කැපීම නතර කරන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට ඊයේ (24) උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේ දී ඊයේ රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදි යි ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

මේ දිනවල දිගින් දිගට ම විදුලිය විසන්ධි වීමක් සිදු වන අතර, ඒ සඳහා හේතු කාරණා රාශියක් ඇති බව පෙනෙනවා.

විශේෂයෙන් විදුලිය නිපදවීමට අවශ්‍ය දැවි තෙල් ලබා දීමට නො හැකි වීම හා එම දැවි තෙල් ලබා ගැනීමට අවශ්‍ය ඩොලර් හිඟ වීම මීට හේතු වූ ප්‍රධාන ම කාරණයක් ලෙස හඳුනාගත හැකි යි.

මේ අතර, ඊයේ දහවල් ජනාධිපති කාර්‍යාලයේ දී ජනාධිපතිවරයා, බලශක්ති අමාත්‍යවරයා, විදුලි බල අමාත්‍යවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නියෝජිතයින් එක් ව පැවති සාකච්ඡාවක දී තීරණය වුණේ, කොළඹ වරාය අවට නැංගුරම් ලා ඇති තෙල් නැව් දෙකකට ඇමරිකානු ඩොලර් මිලියන 53ක් ගෙවීමට යි.

මෙම නෞකා දෙකේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් රැගෙනවිත් තිබුණා. ඒ අනුව මෙම සාකච්ඡාවෙන් අනතුරු ව ජනමාධ්‍යය ඇමතූ බලශක්ති අමාත්‍යවරයා කිය සිටියේ, අදාළ ඩීසල් තොගය විදුලි උත්පාදන කටයුතු සඳහා වෙන් කරන බව යි.

කෙසේ වෙතත් එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ, තවත් සතියකට මදක් වැඩි කලකට පමණක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

කෙසේ වෙතත් මෙහි දී සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ, වඩාත් කාර්‍යක්ෂම ලෙස විදුලි භාවිතය පෙළ ගැස්වීම ද නැතහොත් එදා වේල සපුරාගෙන අඛණ්ඩ ව විදුලි සැපයීම ද යන්න පිළිබඳව යි.

කෙසේ වෙතත් විදුලි සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරන්නේ, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට නම් ගත යුතු පළමු පියවර වන්නේ, රට තුළ ක්‍රියාත්මක වන වායු සමීකරණ සඳහා සීමා පැනවීම බව යි.

වැඩි ම විදුලියක් වැය වන වායු සමීකරණ අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට ඉඩ හැර සිදු කරන විදුලි පිරිමැසම කුමක් ද යන්න ඔවුන් ප්‍රශ්න කරනවා.

Leave a Reply

Your email address will not be published.