ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වෙමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත යැවූ ලිපිය ඉල්ලා අස්කර ගැනීමට චමින්ද වාස් මහතා තීරණය කර තිබෙනවා.
ඔහු අද ක්රිකට් ආයතනයේ ප්රධාන විධායක නිළධාරී ඈෂ්ලි සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ තමන් මීට පෙර එවූ ලිපිය ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි.
ඒ අනුව ඔහු නැවතත් වේගපන්දු පුහුණුකරු තනතුර භාර ගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.
ශ්රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර වාස් වේගපන්දු පුහුණුකරු තනතුරට පත්කළ අතර කෙසේ නමුත් ශ්රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී ඔහු පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වාර්තා විය.
පුහුණුකරු තනතුරට අදාල දීමනා පිළිබඳ ප්රශ්නයක් මුල්කර ගනිමින් ඔහු ඉල්ලා අස් වූ බවයි වාර්තා වී තිබුණේ.