Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිනෙක වැටුපට අමතරව ‘කුඩු’ පැකට්ටුවක්ද ලබාදී වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක සේවය සඳහා කම්කරුවන් යොදවමින් සිටි ‘සිරිමුතු උයනේ නිම්මා’ නමැත්තා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ හෙරොයින් ග්‍රම් 40ක් හා මිලිග්‍රෑම් 419ක්ද සමඟින් .

මෙම මත්ද්‍රව්‍ය එම කර්මාන්තශාලාවේ සේවය කරන කම්කරුවන්ට ලබාදීමට සැකකරු විසින් ගෙනැවිත් තිබූ ඒවා බව පොලිසිය සඳහන් කරනවා

ඊට අමතරව ‘කුඩු’ කිරා බලන කුඩා ඉලෙක්ට්‍රොනික් තරාදියක් හා ජංගම දුරකථන තුනක්ද ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් චන්ද්‍රසිරි මහතා පවසන අන්දමට වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි අදාළ තේ කර්මාන්තශාලාව අසල මත්කුඩු විකිණීමේ යෙදෙන පුද්ගලයකු සම්බන්ධව පොලිසියට ඔත්තුවක් ලැබුණු පසු ඒ අනුව සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ එම කර්මාන්ත ශාලාවට අවශ්‍ය කම්කරුවන් සැපයීම සිදුකරන්නේ මොහු විසින් බවයි

එහෙත් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් කර්මාන්ත ශාලාවේ සේවය සඳහා කම්කරුවන්ගේ පැමිණීම තිබී ඇත්තේ දුර්වල මට්ටමකයි .

මේ බව තේරුම් ගත් මෙම පුද්ගලයා කර්මාන්තශාලාවේ සේවයට එන කම්කරුවන්ට දිනක වැටුපට අමතරව කුඩු පැකට් දෙකක්ද දිනපතා ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර මත්කුඩු පානයට ඇබ්බැහිවූවෝ වැටුප පසෙකලා මත්කුඩු පැකට් දෙක ලබාගැනීම සඳහා දිනපතා සේවයට වාර්තා කිරීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ

උදෑසන සේවය සඳහා එන කම්කරුවන්ට සේවයට කලින් මොහු විසින් මත්කුඩු පැකට්ටුවක් ලබාදීම සිදුකරන අතර මත්කුඩු පානය කිරීමෙන් පසු එම කම්කරුවා වෙහෙස මහන්සි වී සිය සේවය නිසි ලෙස ඉටුකිරීමද විශේෂත්වයක් .

සේවය නිමවා යද්දී සෑම කම්කරුවකුටම තවත් මත්කුඩු පැකට්ටුවක පානය සඳහා දෙනු ලබනවා පසුව ඔවුන්ට වැටුප හිමිවන අතර වැටුප ලබාදෙන්නේ සපයන ලද කුඩු පැකට්ටුවේ අලාභය මොහු විසින් අයකර ගැනීමෙන් පසුව බව පොලිසිය පවසනවා

කර්මාන්තශාලාවේ පිටුපස කම්කරුවන්ට විවේක ගැනීම සඳහා කාමර 4ක් වෙන්කර දී එම කාමර හතරෙන් එකක් අගුලු දා ඇති අතර එය ප්‍රයෝජනයට ගන්නේ කම්කරුවන්ට මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා

මත්කුඩුවලට ඇබ්බැහිවූවෝ මේ ක්‍රමය නිසා මෙම කර්මාන්තශාලාවට නොකඩවා පැමිණෙන අතර සමහර දිනවලට සේවකයන්ගේ අතිරික්තයක්ද දක්නට ඇති බව පොලිසිය පවසනවා

කොරෝනා වසංගතය පැතිරයන කාලයක වෙනත් ආයතනවලට අවශ්‍ය සේවකයන් නොපැමිණෙන වාතාවරණයක් යටතේ මෙම තේ කර්මාන්තශාලාවට කම්කරුවන් නිසි පරිදි සැපයීම සම්බන්ධයෙන් සැකකරුට අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් විශේෂ මුදලක් ගෙවා තිබෙන අතර එම සමාගමෙන් කම්කරුවන් සඳහා ගෙවනු ලබන වැටුපෙන් මෙන්ම කම්කරුවන්ට මත්කුඩු ලබාදීමෙන් මෙම සැකකරු මුදලක් උපයා ගන්නා බව පොලිසිය පවසනවා

අත්ඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී රුපියල් 54,500ක්ද ,මොහු සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති ජංගම දුරකථන තුනේ විශ්ලේෂණ වාර්තා ලබාගැනීමටද පොලිසිය අදහස් කරනවා

ඒ එම ජංගම දුරකථන මාර්ගයෙන් මොහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන ආකාරය සොයා ගැනීමටයි

කම්කරුවන්ට අවශ්‍ය මත්කුඩු මොහුට ලබාදෙන පුද්ගලයා සොයා ගැනීමටත් මොහුගේ මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කර ගැනීමටත් සැකකරු දින හතක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *