ශ්‍රී ලංකාවේ මතුව ඇති මූල්‍ය අර්බූදයට සහ සම්පත් සූරා කෑමට තනි පවුලක් වගකිව යුතු බව තමන් හොඳින් දන්නා බවත්, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අමෙරිකානු කොංග්‍රසය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන බවත් එක්සත් ජනපද කොන්ග්රස් සභික ස්ටීවන් හෝර්ස්ෆර්ඩ් මහතා පැවසීය.
ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි පරීක්ෂණයක් සිදුකිරීමට එක්සත් ජනපද ෆෙඩරල් නීති බල සීමාව තුළ හැකියාවක් ඇති බවය.
වත්මන් අවාසනාවන්ත තත්ත්වයට හේතු වූ ශ්‍රී ලංකාවේ සම්පත් කොල්ලකෑමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයා බැලීම මෙහි අරමුණ බවද හෙතෙම සදහන් කොට ඇත.
විමර්ශනය ආරම්භ කිරීම සඳහා බලතල ඇති විදේශ කටයුතු කමිටුවේ ප්‍රධානියා සහ බලවත්ම කොන්ග්රස් මූල්‍ය සේවා කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන එක්සත් ජනපද කොන්ග්රස් සභික ග්‍රෙගරි මීක්ස් සමඟ මේ පිළිබද සාකච්ජා කරන බවද ඒ මහතා සදහහන් කොට තිබේ.
පසුගියදා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමග පැවති හමුවකදී ඔහු විසින් මෙම හෙළිදරව්ව කර ඇත.
සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන පහතින්,
14 Comments