Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන යන බවත් ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් අක්කර 250ක ඉඩමක් ලබා දී තිබෙන බවත් සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

අක්කර 46ක් පුරා වැලිකඩ බන්ධනාගාරය පිහිටා තිබෙන භූමිය පැතිරී තිබෙන බවත් ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති මෙම භූමිය වෙනත් කටයුත්තක් සඳහා භාවිත කිරීමට අදහස් කරන බවත් ඒ මහතා කීය.

මහනුවර මහයියාවේදී අද (23) පැවති මාධ්‍ය හමුවකදී රත්වත්තේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන මහත්වරු ද සහභාගි වූහ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *