Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරීන් සඳහා අනුයුක්ත කර සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන් (STF) නිරෝධායනයට යොමුකර ඇති බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ අනුව ඔවුන්ට පැවැරී තිබූ එකී රාජකාරී කටයුතු සඳහා බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක අංශ නිලධාරීන් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ද එම ප්‍රකාශකයා පැවැසීය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා කියා සිටියේ ඉහත කී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ නිරෝධායන කාල සීමාව අවසන්වීමෙන් පසු ඔවුන් නැවත වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරි කටයුතු සඳහා වාර්තා කිරීමට නියමිතව ඇති බවය.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *