Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වී, බඩ ඉරිගු , එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ, නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය මෙලෙස ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.

මහ කන්නයේ අස්වැන්න අඩුවීම තුළින්  සිදුවිය හැකි ආහාර ගැටලුව විසදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මහතා සඳහන් කළේය.

මේ මහ කන්නය තුළ තමයි ලංකාවේ වැඩියෙන් ම ගොවිතැන් කටයුතුවල නිරතවෙන්නේ. වී, බඩඉරිඟු වගාව, එළවළු වගාව සහ අපේ වැවිලි කර්මාන්තයේ තේ, පොල්, රබර් කියන සියල්ල.

ඒ සඳහා විෂදායක නොවන ඉහළ ප්‍රමිතියෙන් යුත් නියමිත ප්‍රමාණයන් රෙජිස්ටාර් ගේ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂකගේ අධීක්ෂණය සහ කමිටු අධීක්ෂණය යටතේ, කුමක් ද අවශ්‍ය කියලා නිගමනය කරලා, ඒ ප්‍රමාණවලින් අපිට රජය මඟින් බලතල දීලා තියෙනවා ආනයනය අපනයන අවශ්‍ය ප්‍රමාණයට විද්‍යාත්මකව කටයුතු කරන්න කියලා.

අපි දැනටමත් වැඩපිළිවෙල සකස් කරලා විශේෂයෙන් ම අපි සමග ලියාපදිංචිවෙලා තියෙන සමාගම් හරහා අධීක්ෂණය හරහා ගෙන්වීමට දැනටම කටයුතු කරලා තියෙනවා. ඉතිරි සියල්ල අපි මේ සතිය ඇතුළත අවශ්‍ය ප්‍රමාණයෙන් රටට ගෙන්වනවා.

විශේෂයෙන් ම වැසි තත්ත්වය අවසන් වුණාම අපිට හිතා ගන්න පුළුවන් මේවා හේදිලා ගිහින් තියෙන්න පුළුවන්. මේකේ දාන්නේ මොනවාද කියලා නෙමෙයි වැදගත්. දැම්ම දේට වෙච්ච දේ.

ඒ නිසා අපි ක්‍රියාත්මක වෙනවා අමාත්‍යාංශයක් විදියට මේ කියන තත්ත්වය වහාම නිවැරදි කරලා රටේ ආහාර සුරක්ෂිතාව සහ ගොවි ජනතාවට තමන්ගේ ගොවි බිම් ඇවිල්ලා නිදහසේ වගා කටයුතුවල නිරත වෙන්න පුළුවන්.

ඒ නිසා අපි එවැනි ශාක පෝෂක සහ අපි ආරක්ෂා කරගන්නා කෘමිනාශක සහ පළිබෝධනාශක නිසි ප්‍රමාණවලින් නිර්දේශිතව ගෙන ඒමට කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published.