පසුගිය ඔස්කා සම්මාන රාත්‍රීයේ දී ප්‍රහසන නළුවෙකු වන ක්‍රිස් රොක් හට සියලු දෙනා ඉදිරියේ කම්මුලට පහරක් එල්ල කළ විල් ස්මිත් හට අමතක නොවන දඬුවමක් ලබාදීමට ඔස්කා සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු නළු විල් ස්මිත්ට වසර 10 කාලයක් සඳහා ඔස්කාර් උළෙල සහ එම සංවිධායකයින් විසින් පවත්වනු ලබන වෙනත් කිසිදු උත්සවයකට සහභාගී වීම තහනම් කර තිබේ.
කෙසේ නමුත් විල් ස්මිත් විසින් “කින්ග් රිචඩ්” චරිතය සඳහා දිනාගනු ලැබූ හොඳම නළුවාට හිමි ඔස්කා සම්මානය අහිමි කිරීමට ඔස්කා සංවිධායකයින් තීරණයක් ගෙන නොමැත.
පසුගිය මාර්තු 28 වැනිදා අමෙරිකාවේ හොලිවුඩ් හී ඩොල්ඩි රඟහලේ දී පැවැති 94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී ක්‍රිස් රොක් විසින් විල් ස්මිත්ගේ බිරිඳ චිත්‍රපට චරිතයකට ආදේශ කිරීම නිසා උරණ වූ විල් ස්මිත් විසින් වේදිකාවට පැමිණ ක්‍රිස්ගේ කම්මුලට ප්‍රහාරයක් එල්ල කර අසභ්‍ය වචනයෙන් බැන වැදීමේ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් එහිදී සාමාව අයැද සිටි අතර පසුව ඔහු ඔස්කාර් ඇකඩමියෙන් ද ඉල්ලා අස්වී තිබුණි.
විල් ස්මිත්ට එරෙහිව තීන්දුවක් ගැනීම සඳහා ලෝක සිනමාවේ විශිෂ්ටයින් වන ස්ටීවන් ස්පීල්බර්ග් සහ හූපි ගෝල්ඩ්බර්ග් අය ද සහභාගී වී ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ට සමාව දිය නොහැකි බව ඔස්කාර් සම්මාන ඇකඩමිය ප්‍රකාශ කර ඇත.