Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට පහල වු විශිෂ්ඨතම රංගධරයෙකු මෙන්ම ජනප්‍රිය නලු ශ්‍රි ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 77 වන ජන්ම දිනය අදට(09) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අසංක නවරත්න මහතාගේ සංකල්පයක් මත සංවිධාන කෙරෙන උළෙලක් අද පැවැත්වෙයි. ඊට සමගාමීව පක්ෂයේ නිල පුවත්පත ලෙස ඇස පුවත්පත එළිදැක්විමට ද නියමිතය.

විජය කුමාරතුංග යනු සිංහල සිනමාවේ දිදුලන තරුවකි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සුපිරි නළුවා වූ ගාමිණී ෆොන්සේකාගෙන් පසු ජනප්‍රිය සම්මාන උරුමක්කාරයා වූයේ විජය යි. 1967 සිට 1981 තෙක් සරසවිය සම්මාන උලෙළවල ජනප්‍රිය නළුවා ලෙස අති විශාල පාඨක ඡන්ද මලු ගණනින් කූපන් ලැබූ නළුවා ලෙස මිය යනතෙක්ම ජනප්‍රිය කිරුළට හිමිකම් කීවේ විජය යි.

විජය “හන්තානේ කතාවෙන්“ තම සිනමා රඟපෑම ඇරඹූ අතර ඒ චිත්‍රපටය තිරගත වීමට පෙර ඔහුට චිත්‍රපට 11ක රඟපෑමේ වරම් ලැබුණේය.

ජනප්‍රිය ධාරාවේ “හතර දෙනාම සූරයෝ“, තුෂාරා, සුසී, සංගීතා, නොම්මර 17, මමයි රජා, රජ වැඩකාරයෝ, ඔබටයි ප්‍රියේ ආදරේ, උන්නත් දහයි මළත් දාහයි, නැවත හමුවෙමු චිත්‍රපටවල මෙන්ම අහස් ගව්ව, දියමන්ති, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, මරුවා සමඟ වාසේ, පොඩි මල්ලී, කරුමක්කාරයෝ, පාර දිගේ, කැඩපතක ඡායා, මධුසමය වැනි චිත්‍රපටවලින් විජය තම රංගන ප්‍රතිභාව විදාරණය කළේය. විජය චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස පාර දිගේ, ගඟ අද්දර, ඉන්දුට මල් මිටක්, ආරාධනා, හිමකතර, හිත හොඳ චණ්ඩියා, කවුළුව, අහිංසා, නොම්මර 17, රන්දෙණියේ සිංහයා, දොළොස් මහේ පහන, වරදට දඬුවම, සමාව, සහරාවේ සිහිනය චිත්‍රපට ගී ගැයූ අතර ‘සහරාවේ සිහිනය‘ චිත්‍රපටයේ ‘වළාකුලක් ගෙන‘ ගීතය සඳහා 1991 හොඳම ගායකයා ලෙස ද ‘දොළොස් මහේ පහන‘ චිත්‍රපටයේ ‘පෙමක සුවඳ දැනිලා‘ ගීතය සඳහා 1992 දී ද සරසවිය සම්මාන හිමි විය. ‘කැඩපතක ඡායා‘ චිත්‍රපටයේ නිර්මාණ රංගනය වෙනුවෙන් OCIC සම්මානය ද 1990 වසරේ හොඳම නළුවා ලෙස ස්වර්ණ සංඛ සම්මාන දිනා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *