මේ වන විට දිවයින පුරා සිදු ව ඇති විදුලි බිඳ වැටීම හේතුවෙන් කොළඹ සහ අවට ප්‍රදේශ ගණනාවකට සහ දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ විදුලිය බලය බිඳ වැටීම හේතුවෙන් නල පද්ධතිය පීඩන ක්‍රියාකාරීත්වය අක්‍රිය වී ඇති බවයි.
මේ හේතුවෙන් දිවයිනේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා සිදුවී ඇති බව ඔවුන් සඳහන් කරනවා.
විදුලිබල සැපයුම් යථාවත් වූ සැනෙන් ජල සැපයුම ද යථාවත් කිරීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ අතර මේ වන විට දිවයිනට බලපා ඇති විදුලිය බිඳ වැටීම ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග තුනක බිඳ වැටීමක් හේතුවෙන් සිදුව ඇති බවටත් වාර්තා වනවා.
විදුලිය විසන්ධි වීම හේතුවෙන් සංඥා දෝෂ ඇනහිටීම මත කොළඹ කොටුවේ සිට දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිවේදනය කරනවා.
මේ අතර විදුලිය විසන්ධි වීම නිසා සංඥා දෝෂ ඇනහිටීම මත කොළඹ කොටුවේ සිට දුම්රිය ධාවනය ද ප්‍රමාද විය හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිවේදනය කරනවා.