ලබන පස්වැනිදායින් පසුව විදුලිය කප්පාදුව නතර කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (28) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඒ සදහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන සපයා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සඳහන් කර ඇත.
මේ අතර ,පෞද්ගලික බස් සඳහා ද ලංගම ඩිපෝවවල ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන බව සඳහන් කර ඇති ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවල ද ඉන්ධන ගබඩා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරගෙන යන බව සඳහන් කර ඇත.