Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විදුලි බිල නොගෙවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වා සිටියා.

ඒ අනුව මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, තමා සිටි නිල නිවාසයේ මීට පෙර සිටි මැති ඇමතිවරුන්ගෙන් අයවිය යුතු මුදල්ද මෙම විදුලිබිල සඳහා ඇතුළත් කර ඇති බවයි.

අදාළ විදුලි බිලෙන් කොටසක් තමා දැරූ අමාත්‍යංශවලින් ගෙවීමට ඇති බවත් එය ගෙවන ලෙස අදාළ අමාත්‍යංශවලට දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පදිංචිව සිටි නිවසක රුපියල් 637,448.38 විදුලිබිල ගෙවා නොතිබීම හේතුවෙන් වහා එය ගෙවා දමන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඔහුට ලිපියක් යොමු කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *