Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විදුලි බිල සඳහා ද සමාජ ආරක්ෂණ බද්ද එක්කර ඇති බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

කොළඹ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු රංජන් ජයලාල් ප්‍රකාශ කළේ පසුගිය 15 වනදා සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද මෙලෙස විදුලිබිලට ඇතුළත් කර ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලි බිල සියයට 30කින් යළි ඉහළ දැමීමේ සැලසුමක් ඇති බවද ඔහු එහි දී කියා සිටියා.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ සමාජ ආරක්ෂණ බද්ද විදුලි බිල සඳහා එක්වන බවයි.

කෙසේ වෙතත්, මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුළිබිල ඉහළ දැමීමේ කිසිදු සැළසුමක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *