Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පැල්මඩුල්ල ප්‍රදේශයේ නිවෙසක විදුලි බිල සටහන් කිරිමට ගිය ලංකා විදුලි බලමණ්ඩලයේ මනු කියවන්නෙකුට විදුලි බිල වැඩි බව පවසමින් බැණ වැදි පසුව නිවසේ සිටි අයෙකු විසින් පහරදිම නිසා මණුකියවන්නා කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ මෙම සිද්ධිය වාර්තා වුනා.

එදින පැල්මඩුල්ල රෝහල වෙත ඇතුළත් කරනු ලැබූ මනු කියවන්නා අද (12) වනදා කහවත්ත මුලික රෝහල වෙත මාරු කර තිබෙනවා.

පැල්මඩුල්ල, බුලත්වැල්පොත පාරේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවෙසකට විදුලි මණුව පරික්ෂාකර විදුලි බිල ලබාදිමට මණු කියවන්නා ඊයේ පස්වරුවේ ගිය බවත් එහිදී බිල්පත ලබාදිමෙන් පසු නිවසේ සිටි කාන්තාවක් විදුලි බිල වැඩි බවත් මෙලෙස අයකිරිම අසාධාරණ බවත් පවසමින් තමාට බැණ වැදුනු බව මණු කියවන්නා පැල්මඩුල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එතරම් බිලක් කිසිවෙකත් තම නිවෙසට නොලැබෙන බවත් එය පිළිගත නොහැකි බවත් නිවෙසියන් පවසා තිබෙනවා. විදුලි බිල වැඩිවීම තමාගේ වරදක් නොවෙන බව පැවසුවිට නිවසේ සිටි තරුණයෙකු පැමිණ පහරදුන් බවත් මෙම පහරදිම නිසා තමාගේ කණක් නොඇසෙන බවත් මනුකියවන්නා පවසනවා.

කහවත්ත ප්‍රධාන විදුලි ඉංජිනේරුවරයා ඇතුළු නිලධාරීන් පැමිණි මනුකියවන්නා ගේ සුවදුක් විමසා තිබෙනවා. මනුකියවන්නාට පහරදුන්නේ යැයි කියන සැකකරු පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අද (12) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ජයාරූප අයිතිය : ceylon news factory

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *