Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනට පැමිණ සිටින විදේශික සංචාරකයන් හට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බව ඇය පවසයි.

ඒ අනුව මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙරටට පැමිණ සිටින සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය ඔස්සේ පළාත් අතර සංචරණය කළ හැකි බව ඇය පවසයි.

කෙසේ වෙතත් සංචාරක ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ සංචාරකයන් රැගෙන යාමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කිරීමට කටයුතු කරන්න යැයි සංචාරකයින් ගෙන්විමට කටයුතු කර ඇති ආයතන හා පුද්ගලයින්ට දැඩි ලෙස උපදෙස් දී ඇති බවත්, එලෙස කටයුතු නොකරන පුද්ගලයන් හා ආයතන සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පෙන්වා දෙයි.

දිවයිනට පැමිණි සිටින විදේශීය සංචාරකයින්ට ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ බාධාවකින් තොරව නිෂ්චිත ස්ථාන කරා ගමන් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *