40 හැවිරිදි ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවය.
ඒ අනුව ඝාතනයට ලක්ව ඇත්තේ 6 හවිරිදි පිරිමි දරුවකු සහ 4 හැවිරිදි ගැහැණු දරුවකු ය.
ඝාතනයන්ගෙන් අනතුරුව සැකකාර ශ්‍රී ලාංකික පියා විසින් ගරාජයේ දී සිය දිවි නසාගෙන ඇති බවයි ඔස්ට්‍රේලියානු පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
කෙසේනමුත් පසුගිය දෙසැම්බරයේ දී සැකකාර ශ්‍රී ලාංකිකයා සිය ෆේස්බුක් ගිණුමට එක් කළ වීඩියෝ පටයකින් සඳහන් කර තිබුණේ තමා මානසික ආතතියෙන් පෙලෙන අතර ඒ සඳහා මනෝ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගත් බවයි.
දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසා ගැනීමට පෙර ඔවුන් සමග ලබා ගත් ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබු අතර එම ඡායාරූපය පහතින්,

