Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව කතානායකවරයාට භාරදීම සතියකින් පමණ කල් දැමීමට විපක්ෂය සූදානම් වනවා.

ඒ, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කිරීමට නියමිත සාකච්ඡාවලට එය අහිතකර ලෙස බලපෑ හැකි බවට ආර්ථික උපදේශකයින් සිදු කළ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින්.

මීට පෙර එළැඹෙන පාර්ලිමේන්තු සතියේ දී ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝගය කතානායකවරයාට ලබාදීමට යි විපක්ෂය සැලසුම් කර තිබුණේ.

සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් අදාළ යෝජනාවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අත්සන් තබා අවසන්.

මෙම යෝජනාවලට දෙමළ ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන්ද පසුගිය දා අත්සන් තැබුවා. කෙසේ වෙතත්, ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහි ව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගය සහ දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අනිද්දා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත ව තිබෙනවා.

එහි දී විශේෂයෙන් මෙම යෝජනා කතානායකවරයාට භාරදෙන කාලසීමාව පිළිබඳවද අවධානය යොමු කරනු ඇති.

Leave a Reply

Your email address will not be published.