Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, කොවිඩ්-19 රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් තම බිරිඳ ඊයේ (මැයි 22) රෝහල් ගත කර ඇති බවත් එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇය කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවත් ය.

පසුව, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තමන් ද පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා භාජනය වූ බවත් එහිදී තමාට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණු බව විපක්ෂ නායකවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර ඇත.

ඒ අනුව, තමන් ද මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව විපක්ෂ නායකවරයා පවසයි.

මේ අතර විපක්ෂ නායකවරයාගේ සමීප ආශ්‍රිතයන් වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට ලක්වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

තමා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් කොවිඩ් පරීක්ෂණවලට ලක්වීමට ද නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ලිමේන්තු ආශ්‍රිතයන් ලෙස හඳුනාගන්නා මන්ත්‍රීවරුන් සියලු දෙනාට PCR පරීක්ෂණ සඳහා යොමු වන ලෙස උපදෙස් ලබාදෙන බව, පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *