Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වහාම ක්‍රියාත්මක වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක වෙනසක් සිදුකර තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ විමල් වීරවංශ මහතා දරමින් සිටි කර්මාන්ත අමාත්‍ය ධුරය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දී ඇති බවය.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ උදය ගම්මන්පිල මහතා දරමින් සිටි බලශක්ති අමාත්‍ය ධුරය විදුලිබල අමාත්‍යධුරය දරණ ලද ගාමිණී ලොකුගේ මහතාට ලබා දී ඇති බවය.

ඒ අනුව උදය ගම්මන්පිල මහතා සහ විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත්කර ඇති බවටද වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

මීට අමතරව එස් බී දිසානායක මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරයත් දිලුම් අමුණුගම මහතාට ප්‍රවාහන අමාත්‍ය ධුරයත් පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියට විදුලිබල අමාත්‍ය ධුරයත් පිරිනමා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.