Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල සැපයුමට බාධා මතුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරනුයේ, දිවයිනේ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල ධාරිතාවය පහළ බසිමින් ඇති බවයි.

එමෙන්ම උත්සව සමය නිමිත්තෙන් ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත්, දවසේ පැය 24 පුරාම එකම ධාරිතාවයෙන් ජල සම්පාදනය කිරීමට අපහසු වනු ඇති බවත්, එම මණ්ඩලය පැවසීය.

මේ හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින්ට අඩු පීඩනයක් යටතේ ජලය බෙදා හැරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නල ජලය භාවිත කර ජලය නොලැබෙන පාරිභෝගිකයින්ට පානීය ජලය ලබාදීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස එම මණ්ඩලය ඉල්ලා සිටිනවා.

ජල සැපයුම සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් 1939 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන්නැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *