Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ICC නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමු ස්ථානයට පැමිණ තිබේ.

ඒ, ඉන්දීය නායක විරාට් කෝලි සහ ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් අභිබවා යමිනි.

කේන් විලියම්සන් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ පළමු වන ස්ථානයට පත් වූයේ, 2015 වසරෙන් පසුවය.

මේ මාසයේදී පැවති ටෙස්ට් තරග දෙකකදී ඔහු ලකුණු 251ක් සහ 129ක් රැස් කළේය.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විරාට් කෝලි දෙවන ස්ථානයේ තවදුරටත් රැඳී සිටී. ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් තෙවන ස්ථානය තෙක් පසු බැස තිබේ.

ස්ටීවන් ස්මිත් අවසන් වරට සහභාගි වූ ටෙස්ට් ඉනිම 4 කදී රැස් කර ඇත්තේ, ලකුණු 10ක් පමණි.

Image source – getty image

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි පුවත්