මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම ආරම්භ කරන දිනයක් සම්බන්ධයෙන් මේ මොහොතේ නිශ්චිතව දැනුම් දිය නොහැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.
ඊට හේතුව විශ්ව විද්‍යාල සිසුන් බහුතරයක් නේවාසිකාගාරවල රැදී සිටිමින් අධ්‍යාපන ලැබීම හේතුවෙන් කොවිඩ් පැතිරීමේ අවදානම ඉහළ යාම බවයි කොමිස දැනුම් දෙන්නේ.
ඒ අනුව දැනට ක්‍රියාත්මක සියයට 50 ධාරිතාව යටතේ විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රියාත්මක වීම තවදුරටත් පවත්වාගෙන යන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා කියා සිටියේ.
ශ්‍රී ජයවර්නපුර විශ්ව විද්‍යාලයේ පමණක් සිසුන් 7,500 ක සංඛ්‍යාවක් නේවාසිකව අධ්‍යාපනය ලබන බව වාර්තා වනවා.
එම නිසා මෙවැනි තත්වයක් යටතේ විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන් ආරම්භ කිරීම ප්‍රායෝගික නොවන බවයි සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ.
1 Comment